Wednesday, April 9, 2014

අංක එකේ ඉදිකිරීම් සමාගම් මොනවද-TOP 10 CONSTRUCTION COMPANIES IN THE WORLD



ඔබ දන්නවා ලංකාවේ වගේම ලෝකේ හැම තැනම නොයෙකුත් නම් වලින් ඉදිකිරීම් සමාගම් පිහිටලා තියනවා.මේ සියලුම සමගම් පිළිබද හැදීමෙන් අනතුරුව ලෝකයේ හොදම ඉදිකෙරීම සමාගම් 10 ලැයිස්තු ගත කර තිබෙනවා මේ විදිහට

අවාසනාවට මේ අතර කිසිම දකුණු අසියිතික රටක්නම් නැ ජපානය සහ චීනය පිළිවලින් 9 වන ස්ථානයේ සහ 2 වන ස්ථානයේ සිටිනවා . ඔස්ට්‍රේලියාව ඇරුණු කොට ඉතිරි සියල්ල ඇමෙරිකානු සහ යුරෝපා රටවලට අයත් සමාගම් වෙනවා.

1.VINCI            - FRANCE
2.CCCC             - PR of CHINA
3.BECHTEL       - U.S.
4.HOCHTIEF     - GERMANY
5.ACS               - SPAIN
6.STRABAG      - AUSTRIA
7.SKANSKA      - SWEDEN
8.LEIGHTON    - AUSTRALIA
9.KAJIMA         - JAPAN
10.BALFOUR BEATTY - UK.
  යහලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න.

Sunday, April 6, 2014

පාර දිගේ හරහට- Cross section of road


ලන්කාව කියන්නේ තුන්වන ලෝකයේ රටක් උනාට අපිට හොද මාර්ග පද්දතියක් තියනවා.ඔබ මග තොටේ යන විට දකිනවා ඇති සීග්‍රයෙන් සංවර්ධනය වන මහා මාර්ග. ගමක් ගත්තොත් ගමේ පාරවල් ගොඩක් වෙලාවට Concrete හෝ interlock මගින් ආවරණය වෙනකොට නාගරික මාර්ග ඔබ කවුරුත් කියන කාපට් වලින් ආවරණය වෙනවා.රටක  ගත්තහම එම රටේ මාර්ග  පද්දතියට ලොකු වැදගත්කමක් ලැබෙනවා.මගී හා භාණ්ඩ ප්‍රවාහනය මුලික කරගත් යටිටහල පහසුකම් වලින් එකක් ලෙස මාර්ග පද්දතිය වරගීකරණය කරලා තිබෙනවා. අපිට මෑතකදී අහන්න දකින්න ලැබුනා E ශේණියට අයත් මාර්ග ඉදිකිරීම් ගැන.අපි කවුරුත් කියන Highway නැත්තම් අධිවේගී මාර්ග E කියන ශේණියට වැටෙන්නේ.

 වැඩි කතා ඕනේ න එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. මම අද කියල දෙන්න යන්නේ  අපි නිතර බාවිතා කරන කාපට් යොදා සකසන මාර්ගයක ඇතුලාන්තය ගැන.ඔබ මාර්ග වල ගමන් කරන විට දැකල ඇති පස් කපනවා අලුත්වා පුරවනවා වෙනත් සැකසුම් පුරවනවා,තලනවා තාර දානවා.අන්තිමට කාපට් දානවා. මම හැම දෙයක්ම මුල ඉදල කියල දෙන්නම් පිලිවලට.

අපි දන්නවා ලංකාවේ මාර්ග සිතියමක් ගත්තහම , මාර්ග පද්දතිය කොටස් කිහිපයකට බෙදල  තියනවා.මම උදාහරණයක් වශයෙන් A ශ්‍රේණියේ  මාර්ගයක් ගන්නම්. ලංකාවේ බොහෝ දුරට අ ශ්‍රේණියේ මාර්ග වලට යොදන්නේ asphalt concrete   එකක්. අපි පාරේ හරස් කැපුමක් ගත්තොත් ගොඩක් වෙලාවට සමානයි.මොකද ලංකාවේ පිහිටීම හා පසේ ස්වබාවය අනුව හොදින් යා වෙන තාක්ෂණයක් තමා කාපට් කිරීම.

ශ්‍රී ලංකාවේ මහා මාර්ග සම්බන්ද එකම ආයතනය තමා RDA එක .ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය.මාර්ග පද්දති සම්බන්ද සියලුම වගකීම් හා නඩත්තු කටයුතු බාරව ඉන්නේ ඔවුන්. මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබද වැඩි විස්තර ඕනනම් මෙතනින් බලාගන්න.අපි හිතමු Road Development Authority එකට ඕන උනා අලුතෙන් සංවර්දනය වන ප්‍රදේශයක් හරහා අලුතෙන් අ ශ්‍රේණියේ මාර්ගයක් ඉදි කරන්න. මුලින්ම ඔවුන් මේ පිළිබද අවසරය රජයෙන් ලබාගෙන පරිසර අධ්‍යයන වගේ දේවල් කරලා තෝරා ගත් ප්‍රදේශයේ මාර්ගය පිහිටීම සකසනවා. පසේ ස්භාවය පවතින භූ ලක්ෂණ පාරිසරික බලපෑම් එක්ක සංසන්දනය කරලා මාර්ගය නිර්මාණය කරන්න ඕන ලක්ෂ දෙක අතර අඩුම වියදමින් ඉදිකරන්න පුළුවන්  path එක තෝරාගන්නවා.ඉන් පසු ප්‍රමාණ සමීක්ෂණය හා ඇස්තමේන්තු සකසනවා. මාර්ගය ඉදි කරන්න ඕන හැඩය දිග පළල ,ඒ වගේම යොදාගතයුතු අමුද්‍රවුව්‍ය ආදී සියලුම තොරතුරු  මේ ඇස්තමේන්තුවට ඇතුලත්.
දැන් තමයි ටෙන්ඩර් කැදවීම කරන්නේ.එහිදී මාර්ගයට අදාළ ප්‍රමාණ සමීක්ෂණ වාර්තාව අදාළ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබා දෙනවා.ඔවුන් එම ප්‍රමාණ සමීක්ෂණ වාර්තාවට අනුව BOQ එක හදලා අවසානයේ ඔවුන් ටෙන්ඩරයට මිල නියම කරනවා.ඒ අතරින් අඩුම මිල ඇති කොන්ත්‍රාත් කරු හට මෙම මාර්ගය ඉදි කිරීමේ අවස්ථාව ලැබෙනවා.දැන් ඉතින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ.මුලින්ම වෙන්නේ ස්භාවිකව පවතින කාබනික පස් තට්ටුව ඉවත් කරන එක,එත් එක්කම weak soil තියනවනම් ඒවත් ඉවත් කරනවා.ඒ ස්ථාන වලට bearing capacity එක හොදට තියන soil  වර්ගයක් හරි ABC මිශ්‍රණයක් හරි ගොඩක්ම දුර්වල පස් තට්ටුවක්නම් විශාල කළු ගල් හරි අතිරේමෙන් මාර්ගය තැනීමට අවශ්‍ය පොළවක් තනා ගන්නවා.ආ වැදගත්ම දේ තමා මේ සියල්ල හොදින් compact  කරගන්න ඕන. දැන් මාර්ගය සකසා අවසන්.

දැන් මාර්ගයේ අනුමත ඉදිකිරීම් කරන්න තියෙන්නේ. ලංකාවේ ගොඩක් දුරට දෙපැත්තේ පස් වලින් sholders හදල මැද්දට ABC පුරවනවා 1:1.4 කියන ප්‍රමිතියට(1:1.4 කියන්නේ අඩියක ABC bass එකක් දාන්න ඕනනම් අගල් 1.4 ක ABC තට්ටුවක් අතුරන්න ඕන.ඉන් පසු එය අගල් 1ක් ප්‍රමාණයක් වන තුරු  compact  කරගන්න ඕන. ACB compact කිරීමට පෙර ජලය දානවා හොදින් compact වීම සදහා. ) . පළමු ආ layer එකෙන් පසු මාර්ගය level කිරීම් සදහා තවත් ABC තට්ටුවක් යොදා ගන්නවා.මීට අමතරව ගොඩක් දුර්වල පස් තියන පළාත් වල screed concrete හෝ reinforce concrete එකක් දානවා Bass එක විදිහට.ලංකාවේ හම්බන්තොට  වැලි ගතිය වැඩි නිසාත් , මුතුරාජවෙල පසේ ජල ප්‍රමාණය වැඩි නිසාත් කදුකර ප්‍රදේශ වල ABC  compact  කිරීම හේතුවෙන් නාය යාමේ අවදානමක් ඇති වන මෙම ක්‍රමය යොදාගන්නවා. මේ වෙනකොට මාර්ගයේ leveling සැකසී තියෙන්න ඕන 98% ක් පමණ.දැන් බිටුමින් layකරනවා  bass එක cover කරන්නත් bass එකට රථවාහන වලින් වන හානිය අවම කරගන්නත්.  bitumen කියන්නේ අපි තාර කියල හදුන්වන එකම තමා.ඇතැම් ගුණාංග site එකේ තත්වය අනුව වෙනස් වෙනවා.දැන් තමා අපි කාපට් කියල හදුන්වන asphalt කියන concrete එක lay කරන්නනේ.මේ සදහා වෙනම යන්ත්‍ර තියනවා.පොතේ හැටියට layers 3ක් දාන්න ඕන උනත් බොහෝ විට 2න් shape වෙනවා.මේ asphalt concrete   එක site එක පවතින ප්‍රදේශයේ  උෂ්ණත්වය අනුව යම් යම් ගුණාංග වෙනස් වෙනවා.ඒ වගේම යොදන layers 3හි එකිනෙකට වෙනස් ගුණාංග සහිත asphalt concrete  තමා තියෙන්නේ. දැන් පාරේ road mark ටික ඇදලා දෙපැත්තේ sholders සම්පුර්න කරලා පිලි අල්ලන තැන වල පිලි අල්ලා පෙනුමට වගේ ගස් ටිකක් හිටවල වැඩේ බාර දෙන්න තියෙන්නේ.
 ඔන්න ඔය අතරේ RDA එකෙන් ඇවිත් ආදී 75න් 75 ට වගේ විද විද බලනවා මුන් හරියට වැඩේ කරලා තියනවද කියල.බැරි වෙලාවත් quality fail උනොත් නැවත කඩලා හදන්න වෙනවා කොන්ත්‍රාත් කරුට.

වාහන ගමන් කරන තීරු වලට අමතරව ප පැදි සදහා පදිකයන් සදහා,වියායාම කිරීම සදහා වෙන වෙනම කොටස් වෙන් වෙනවා තෝරාගත් මාර්ග වල .


ඔන්න ඕක තමයි ඇතුලාන්තය පාරක.දැන් හෙට ඉදන් පාරේ යනකොට දැනගෙනම යන්න පුළුවන්.ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනවා. ඊලග ලිපියෙන් හම්බෙමු.මිතුරන්  අතරේ බෙදා දෙන්න අමතක කරන්න එපා.

Tuesday, March 11, 2014

යථාර්තය දන්නවද.site වල ඔහොම තමා.

 කොච්චර පිරිස හිටයත් site එකේ වැඩ කරන්නේ එකයි දෙකයි. අනික් උන් බලන් ඉන්නේ

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More